Home » Yoga » ත්‍රිකෝණාසන

ත්‍රිකෝණාසන

සිරුරේ හැඩය සුන්දරත්වය ඉස්මතුවන අයුරින් පවත්වාගෙන යාමට. ඔබට හදුන්වාදෙන ත්‍රිකෝණාසනය ඔබත් අත්හදා බලන්න. එය කෝණ තුනක ස්වරූපය දක්වන බැවින් ත්‍රිකෝණාසනය නම්වෙයි. ඉතා සරල, එසේ ම සිරුරට ඉතා ගුණදායක මේ ආසනය ද පුහුණු කළ යුත්තේ උදෑසන හෝ සවස කුස හිස්ව තබාගෙනයි.

උපදෙස් – ගර්භණී මවුවරු හා පිටකොන්දේ ආබාධවලින් පෙළෙන අය මේ ආසනයේ නොරැදිය යුතු ය.

1 රූපය

i. මුලින් ම 1 රූපයේ පmountain-pose-samastithi-or-tadasanaරිදි තදාසන ඉරියව්වට පැමිණ දෑත් හා දෙපා ළංකර සිටගන්න. මෙහිදී කඳ ඍජුව පාද පතුල් දෙකට සිරුරේ බර සමබරව යන පරිදි සිටිය යුතුයි.

ii. දැන් ගැඹුරින් හුස්මක් ගෙන හුස්ම පිට කරමින් සිරුර ලිහිල් කරන්න.

 

 

 

 

 

 

2 රූපය

Trikonasana-_2255

iii. නැවතත් ගැඹුරින් හුස්මක් ගෙන හුස්ම පිට කරමින් 2 රූපයේ පරිදි පාද අඩි 3.5ක් පමණ ඈත් කොට, දෑත් උරහිස් මට්ටමින් පොළොවට සමාන්තරව, සිරුරේ දෙපසට දිගුකරමින් සරල ත්‍රිකෝණාසනයට පැමිණෙන්න.

 

 

 

 

3 රූපය

trikonasana 3

iv. ඉන්පසු 3 රූපයේ පරිදි දකුණු පාදය දකුණු පසට අංශක 90 ක් හා වම් පාදය අංශක 60 ක් හරවා පාද දණහිස් තදකොට තබාගන්න.

v.දැන් හොදින් හුස්ම ගෙන කඳ දකුණු පැත්තට නවා, දකුණු අත දකුණු පාදයේ වළලුකර ළඟට ගන්න. හැකිනම් අත්ල සම්පූර්ණයෙන්ම පොළොව මත තබන්න. (ආධුනික ඔබට පහසු ආකාරයට මුලදී අත්ල වළලුකරට ඉහළින් වුව තබාගත හැකිය.) වම් අත ඉහළට දිගුකොට අල්ල ඉදිරියට හරවා, දකුණු උරහිස සමඟ එක ම රේඛාවක් දිගේ තබාගනිමින් වම් අත්ල දෙස බලා සිටින්න.

vi. මෙසේ තත් 30ක් හෝ හැකිනම් විනාඩියක් පමණ ආසනයේ රැදී සිටිමින් ගැඹුරු දීර්ඝ ශ්වසනයේ යෙදෙන්න.

vii. ඉන්පසු දකුණු අත්ල පොළොවෙන් උඩට ගෙන, පිළිවෙළින් 2 රූපයේ සිට 1 රූපය දක්වා එම ඉරියව්වලට ආපසු පැමිණ සැහැල්ලු වන්න.

viii. දැන් ඉහත ආකාරයටම වම් පාර්ශ්වයට ද එම ආසනය පුහුණු කර, සැහැල්ලු වන්න.

* ඔබට හැකි පරිදි දිනකට වාර 4ක් පමණ පුහුණු කිරීමෙන් යහපත් ප්‍රතිඵල ලැබේ. පුහුණුවත් සමඟ ආසනයේ රැදී සිටින කාලය වැඩි කිරීමෙන් විශිෂ්ට ප්‍රතිඵල ලබා ගත හැකි ය.

ප්‍රතිඵල

• ඉඟ දෙපස, උදරයේ හා කලවා ප්‍රදේශයේ අනවශ්‍ය මේද තැන්පතු දහනය කොට සිහින් හැඩැති සිරුරක් ලබා දේ.

• රුධිර සංසරණය යහපත් කොට පැහැපත් දිදුලන සමක් ලබා දේ.

• පාද හා කලවා ප්‍රදේශ ශක්තිමත් කරන අතර, පාදවල නහර ගැට ගැසීම, දරදඬු ස්වභාවය, උලුක්කු හා කෙණ්ඩා පෙරළීම් සුවපත් කෙරේ.

• පාද, කලවා, ඉඟ හා කොදු ඇට පෙළ ද ඇදීමට ලක්වන බැවින්, උස වර්ධනය කෙරේ.

• කොදු ඇට පෙළ හා මුළු සිරුරේම නම්‍යශීලීභාවය වර්ධනය වේ.

• උකුල් සන්ධි වාත රෝග, ස්නායු දුර්වලතා, මළබද්ධය හා ආතතිය සුව කොට සහනය ගෙනදේ.

• දෑස්වල කාන්තිය හා පෙනීම වැඩි දියුණු කරයි.

About Niranji

Cool girl who likes to explore the amazing world and share the knowledge with friends. All the interesting content i find on the net will be published on this site and if you have any query do contact us on esihinayasl@gmail.com.

Leave a Reply

Real Time Web Analytics