Home » Yoga » නමස්කාරාසනය.

නමස්කාරාසනය.

01. නමස්කාරාසනය
ක්‍රමය :

ආස්තරණය මත කකුල් ඉදිරියට දික්කර වාඩ් වෙන්න. යට් පතුල් දෙක එකට ගැටෙන සේ දෙකකුල් තමා දෙසට නමා කලවා සමීපයේ රහසඟට ආසන්නයෙන් තබා ගන්න. දෙවැලමිට දෙදනට ස්වල්පයක් ඉහළින් කළවා කෙළවරට තඳ කරගෙන ඇගිලි තුඩු නිකටට ස්පර්ශ වන අන්දමින් තබා වැඳගෙන ඉන්න. හිස, ඛෙල්ල, කඳ සෘජුව තබා ගන්න. විශේෂයෙන්ම කොදු ඇට පේළිය කෙළින් තබා ගත යුතුයි.

  •  ප්‍රථමයෙන් ඔබට හැකි තරමි සුළු කාලයක් සිට ආසනයෙන් මිදෙන්න


ගුණාගුණ :

    මෙම ආසනයෙහි නියම ක්‍රමානු කූලව විනාඩ් 15 ක් සිටීමට හැකි වූ විට හිත එක අරමුණකට ගැනීමේ පහසුවක් ඇතිවේ. එවිට් හිතේ ඇති වන බාහිර කරදර මඟ හැර හිතට නිදහසක් දැනේ. යෝගාසන පුරුදු වන අයට මෙය ඉතා වැඳගත් ආසනයකි. මෙම ආසනය කොදු රැහැනට හිතකරය. ශරීරය තමාට උවමනා අන්දමට පාලනය කර ගැනීමේ පුරුද්දක් ද ඇතිවේ. බාහු හා පාදයන්ද ශක්තිමත් වේ. කොන්දේ අමාරු හා සෙමි රෝග සමනය කිරීමේ බලයක්ද මෙහි ඇත.

namaskaraya

දෙඅත් මෙසේ තබා සෘජුව සිට්න්න.

namaskaraya2

දෙකකුල් මෙසේ තබාගන්න   

~ නිරංජි ~small

මෙම ලිපියේ අයිතිය E-සිහිනය වෙබ් අඩවිය සතුය. වෙනයම් ස්ථානයක පල කිරීමේදි මෙම ලිපියේ සබැදිය සටහන් කිරීමට කාරුණික වන්න…

 

About Niranji

Cool girl who likes to explore the amazing world and share the knowledge with friends. All the interesting content i find on the net will be published on this site and if you have any query do contact us on esihinayasl@gmail.com.

Leave a Reply

Real Time Web Analytics