Thursday , 21 September 2017
Home » Specials » ලග්නය අනුව සහකරුගේ හා සහකාරියගේ ගති ගුණ

ලග්නය අනුව සහකරුගේ හා සහකාරියගේ ගති ගුණ

header-imageකව්රුන් කෙලෙස කිවත්, කෙනෙක්ම හඳුනා ගැනීම, තේරුම් ගැනීම ලෙහෙසි කටයුත්තක් නොවෙයි. ජීවිත් කාලයක්ම කෙනෙක් ලඟින් ඇසුරු කරත් ඔහු හෝ ඇයව තේරුම් ගැනීමට හැකිවන්නේ 10% ක ප්‍රතිශතයක් කියලත් කියනවා. කෙසේ වෙතත් දැන් මේ කාරණය ටිකක් ඔබට පහසු කරන්න පුළුවන් දෙන්නගේ ග්‍රහරාශි සන්සන්ධනය කර බැලීමෙන්. එහෙනම් දැන්,ඔබ මෙතෙක් බල සිටි ඔබේ ආදරවන්තගේ හෝ ආදරවන්තියගේ ගතිගුණ වගේම කව්ද ඔයත් එක්ක වැඩි කාලයක් රැදෙන්නේ කියලත් මේ ලිපිය කියවල දැනගන්න.

තුලා සහ සිංහ රාශිය

මෙම රාශි දෙක සහිත පුද්ගලයන් බොහෝ සෙයින් සමාජශීලී අයයි. මොවුන් උත්සව වලට , සාද වලට සහභාගී වීවට වැඩි කැමැත්තක් දක්කනවා වගේම වැඩ විවුර්ත ලෙස ඔවුන්ව හඳුන්වා දෙනු ලබනවා. සිංහ රාශි පුද්ගලයන් කෙනෙක් ළඟට යනවට වඩා කෙනෙක් තම ළඟට එනවට කැමතියි වගේම තුලා රාශි පුද්ගලයන් එවැනි පුද්ගලයන්ට වැඩි කැමැත්තක් දක්වනවා.

මේෂ සහ කුම්භ රාශිය

1443538437-sweet-loving-couple-screenshotඔබත් මෙම රාශි දෙක සහිත යුවලක් නම් කවදාවත් උදාසීන බවකින් ජීවත් වෙන්නේ නැහැ. එයට හේතුව මෙම රාශි දෙකෙන් එක් වූ පුද්ගලයන් බොහෝ සෙයින්ත්‍රාසජනක අත්දැකීම් ලබන්නට, අවදානම් සහිත සංචාර වල යෙදෙන්නට, අලූත් අලූත් දේ සිතන්නට , කරන්නට කැමැති වීමයි. ඒවගේම මොවුන් අනිත් කෙනාගේ නිදහස අගය කරනවා වගේම අනිත් කෙනාගෙ අදහස් වලටත් ගරු කරනවා.

මේෂ සහ කටක රාශිය

මේෂ රාශියේ පුද්ගලයන් සැමවිටම නිර්භීත, ධෛර්ය්‍ය සම්පන්න පුද්ගලයන්. කටක රාශි පුද්ගලයන් මේෂ රාශි පුද්ගලයන්ගේ නිර්භීත , කෙළිලොල් බවට ආදරය කරනවා වගේම එය වැඩි දියුණු කරගැනීමටත් උදව් කරනවා.

මේෂ සහ මීන රාශිය

මීන සහ මේෂ රාශි සහිත යුවල, ඔවුනොවුන් අතට ඉතා හොඳ , ගැඹුරු, අන්‍යෝන්‍ය වශයෙන් බැදුණු සම්බන්ධතාවක් පවත්වා ගෙන යනවා. මීන රාශි පුද්ගලයා ඉතා සිවුමැලි, අනිත් පුද්ගලයාට ගරු කරන කෙනෙක් වන අතර මේෂ රාශි පුද්ගලයා මෙම සම්බන්ධයේ මුලිකයා ලෙස කටයුතු කරනවා. මෙම හඳුනා ගැනීම නිසාම මීන සහ මේෂ රාශි අතර ඇති වන සම්බන්දතා ඉතා දිගු කල් පවතින වෙන් නොවන අතර සම්බන්ධතා වෙනවා.

වෘෂභ සහ කටක රාශිය

මෙම රාශි එක වූ විට, ඔවුනොවුන් අතර ඉතා හොඳ අන්‍යෝන්‍ය සම්බන්ධතාවයක් ගොඩනැඟෙන අතර, එකිනෙකාගේ අඩු පාඩු හඳුනාගෙන ඒවා නිවැරදි කර ගනිමින් ඉතා හොඳ ජීවිතයක් ගෙවනු ලබනවා. කටක රාශි පුද්ගලයන් ඉතා විශ්වාසයි , හිත හොඳ පුද්ගලයන් වන අතර වෘෂභ රාශි පුද්ගලයන්ගෙන් එයට හොඳ සහයෝගයක් ලැඛෙනවා. දෙපර්ශවයම ගෙදර හා පවුල් ජීවිතයට ඉතා වැඩි වටිනාමක් දෙන බැවින් ඔවුන් ඇති සාර්ථක ජීවිතයක් ගත කරනු ලබනවා.

වෘෂභ සහ මකර රාශිය

මෙම රාශි වලින් බැඳුනු යුවල ඉතාමත් ආදර”ය යුවලක් වන අතර එකිනෙකා අවබෝධ කර ගැනීමේ ශක්තිය ඔවුනොවුන් අතර තිඛෙනවා. ඔහු හෝ ඇය කිවත් නැතත් ඔහු හෝ යට අවශ්‍ය දේ අවභෝධ කර ගැනීමට අනිත් පාර්ශවයට හැකියාව තිඛෙනවා. මකර රාශි පුධාලයන් නිරත්තරයෙන් සතුටින් , විනෝදයෙන් සිටින අතර වෘෂභ රාශි පුද්ගලයන් එම ගතිගුණයට ආදරය කරනවා.

ධනු සහ මේෂ රාශිය

ධනු රාශි පුද්ගලයන් සෑමවිටම හදවතට එකඟව කටයුතු කරන , බොරු මවාපෑම් නොමැති පිරිසක්. ඒවගේම ඔවුන් ඉතාමත් ආදර”ය පුද්ගලයන්. ඒවගේම මේෂ රාශි පුද්ගලයන්ද ඉතා සමාජශීලී, කාර්යබහුල පුද්ගලයන්. එනිසා ඇත්තටම මොවුන්ට බොරු මවාපෑම් , රඟපෑම් කිරීමට අවස්ථාවක් නැහැ.

කටක සහ මීන රාශිය

මේ රාශි දෙකම ජලය හා බැඳුනු රාශි දෙකක්. එම රාශි වලින් බැඳුනු යුවල අතර ආත්මීය බැඳීමක් තිඛෙනවා. මොවුන් අනිත් කෙනාගේ සිත නොරිදෙන ආකාරයට හැසිරීමට, කටයුතු කිරීමට සැමවිටම උත්සහ ගන්නවා. ඒවගේම දෙපාර්ශවයම ඉතාම මෘදු , මොලොක් ගතිගුණ වලින් සමන්විත වෙනවා.

සිංහ සහ ධනු රාශිය

මෙම රාශි සමඟ බැඳුනු යුවල, ප්‍රිය සාද, ප්‍රිය සම්භාෂණ වලට වැඩි කැමැත්තක් දක්වනවා. සිංහ රාශි පුද්ගලයන් තරමක් මුරණ්ඩු , හිතුවක්කාර ගතිගුණ පෙන්නුම් කරන නමුදු ධනු රාශි පුද්ගලයන් සිංහ රාශි පුද්ගලගගේ ආත්ම විශ්වාසයට ගරු කරනවා. මේ නිසාම ඔවුනොවුන් අතර ඇතිවන ගැටළු නිරාකරණය වූ සාර්ථක ජීවිතයකට සිංහ සහ ධනු රාශි යුවල හිමිකම් කියනවා.

කන්‍යා සහ මකර රාශිය
Loving-Couple-Photography-23
කන්‍යා රාශි පුද්ගලයන් නිතරම කල්පනා කරන හා තමගේම සිතුම් පතු වල සිරවී සිටින , බාහිර පරිසරය හා සම්බන්ධය අවම ජන්ම ගතියකින් යුක්තයි, නමුත් ඔවුන් විවෘත වූ විට අනිත් කෙනාට ඉතා ආවංක පුද්ගලයෙක් වෙනවා. මකර රාශි පුද්ගලයන් කන්‍යා රාශි පුද්ගලයන්ගේ මේ අවංක, කෙලින් කතා කරන ගුණය දුටු විට එයට ආකර්ෂණය වෙනවා.

සිංහ සහ මිථුන රාශිය

මේ දෙදෙනා ප්‍රීතිමත්, උද්‍යෝගිමත් සැනසිල්ලේ ජීවත් වන යුවලක්. ඔවුන් ත්‍රාසජනක ක්‍රීඩා කිරීමට, ගමන් බිමන් වල යාමට කැමැත්තක් දක්වනවා. සිංහ රාශි පුද්ගලයන් හැම විටම ප්‍රයෝගික, ක්‍රියාශීලී , තාත්වික පුද්ගලක් වන අතර මිථුන රාශි පුද්ගලයා අනිත් කෙනාට මුලික තැන දෙමින් ඔහුට හෝ ඇයට දැනෙන ලෙස ආදරය කරනවා.

කුම්භ සහ මිථුන රාශිය

මොවුන් දුක සැප දෙකේදීම සහකරුවා හෝ සහකාරිය මඟ නොහැර , ජීවිතයේ සැම කඩයිමක්ම එකට අත්වැල් බැඳගෙන පසුකරන ඉතාම ආදර”ය යුවලක් වෙනවා. කුම්භ රාශි පුද්ගලයන් ඉතාම නිර්මාණශීලී වන අතර මිථුන රාශි පුද්ගලයා එය ඉතාමත් අගය කරනවා. එකිනෙකාගේ අදහස් අගයමින් මොවුන් දිගු කලක් සතුටින් ජීවත් වෙනවා.

වෘශ්චික සහ සිංහ රාශිය

වෘශ්චික රාශි පුද්ගලයන් තරමක් අකාරුණික , තරමක් අර්බුදකාරී , අනිත් අයගේ ගුණ දොස් සොයන වගේම අන් ඇය කෙරෙහි ඊර්ෂ්‍යා සහිතව කටයුතු කරන්නට පෙළඹෙන පුද්ගලයන් වෙනවා. නමුත් සිංහ රාශි පුද්ගලයන් මෙම ගතිගුණ වලට නිසි ලෙස පිළිතුරු දීමට සමත් වගේම වෘශ්චික රාශි පුද්ගලයන්ගේ ඇති අධික ආශාව සහ රාගදීත් නිමාකාරයෙන් කටයුතු කිරීමට සිංහ රාශි පුද්ගලයන් සමත් වෙනවා. නමුත් මොවුන් දෙදෙනාගේ මේ ස්වභාව නිසා බොහෝවිට ඔවුනොවුන් අතර කුඩා ගැටුම් ඇතිවී ඒවා දුර දිග යාමටත් ඉඩ කඩ තිඛෙනවා.
WDF_1787650
මිථුන සහ තුලා රාශිය

මොවුන් අතර පවතින්නේ ලිංගික සබඳතාව මත පදනම් වූ ආදරයක්. ඔවුන් දෙන්න ලිංගිකව එකතුවීමට බොහෝ සෙයින් කැමැත්තක් දක්වනවා. මොවුන් අතර ඇතිවෙන සම්බන්ධතාව ඉක්මන් සහ නැවුම සම්බන්ධතාවක් වෙනවා.

vote-us

About Niranji

Cool girl who likes to explore the amazing world and share the knowledge with friends. All the interesting content i find on the net will be published on this site and if you have any query do contact us on esihinayasl@gmail.com.

Check Also

“මංගල දවසට මුහුණ දෙන්න මට බයයි”

දිනක් අප වෙත පැමිණියේ තරුණ වියේ පසු වූ යුවළකි. “අපි දෙන්නා බොහෝම කාලයක ඉඳලා ඇසුරු …

Leave a Reply

Real Time Web Analytics