Home » Science & Tech » ප්රයෝජනවත් google නිෂ්පාදන 5ක්

ප්රයෝජනවත් google නිෂ්පාදන 5ක්

techමෙහි සටහන් වන්නේ ගූගල් නිෂපාදන පහකි. එහෙත් ඒවායෙහි විශේෂත්වය වන්නේ ලාංකික අප ඒ සම්බන්ධව එතරම් දැණුවත්ව නොසිටීමයි. හදිසියට දැණගතයුතු යමක් ගූගල් කරනවා හැරෙන්නට ගූගල් තුළ ඇත්තේ මොනවා දැයි සොයා බැලීම වටී. එය අපට මහඟු ප්රයෝජනයක වනු ඇත.

1. Google Cultural Institute

1-4

නොයෙකුත් කලාවන් සහ සංස්කෘතීන් පිළිබඳ උනන්දු පිරිසට මෙය ප්රයෝජනවත් ගූගල් නිෂපාදනයකි. එය ලොව වටා ඓතිහාසික සිදුවීම් ගණනාවක් ඔබට සමීප කරනු ඇත. ඉතිහාසය පිළිබඳ උනන්දුවක් ඇත්තෙකුට මෙය ඉතා ප්රයෝජනවත් නිපැයුමකි. Google Cultural Institute විවිධ වූ මාතෘකා ඔස්සේ ඔබ කැමති ඉසවු ඔබට සමීප කරනු ඇත.

2. Google Trends

2-4

මෙම සටහනට ඇතුළත් ප්රමුඛතම නිෂ්පාදනයක් ලෙස මෙම Google Trends දැක්විය හැකිය. එය ඔබට නොදැණුවත්වම ඔබේ කාලය උදුරා ගැනීමට සමත් නිපැයුමකි. එය ඉතාමත්ම සරළ කුමවේදයක් යටතේ දිවෙන්නකි. එය එක් එක් වූ නැඹුරැතාවන් කොතෙක් ජන ආකර්ශණයක් හිමිකරගත්තාද යන්න ඔබට පවසනු ඇති.දැනට සඳහන් නැඹුරැතා මෙන්ම ඔබටම නිර්මාණය කර බැලිය හැකි නිර්මිතයන්ද එහි ඇතුළත්ය. උදාහරණයකට 2010/2011 කාල වකවානුවේ බැරුක් ඔබාමා පිළිබඳ සෙවුවාට වඩා පිරිසක් ලේඩි ගාගා පිළිබඳ සොයා තිබෙන බව ඔබට මේ හරහා දැකිය හැක.

 

3. Music Timeline

3-5

මෙය සංගීත ලෝලීන්ට වැදගත් නිෂපාදනයකි. මෙම ප්රස්ථාරයේ 1950 සිට මේවන තෙක් නිමැවුනු සංගීත ෂානරයන්ගේ ජනප්රියතාව ඔබට දක්වනු ඇත. එතුළ සොයා යද්දී එම ෂානරයන්ගේ උප ෂානරයන් සේම ඒ ඒ උප ෂානරයන් අදාල සංගීත කණ්ඩායම් හෝ තනි පුද්ගලයින් මෙන්ම ඔවුන්ගේ ඇල්බමයන් සහ ඒ පිලිබඳ විස්තරද ඔබට සොයා ගත හැකි වනු ඇත.

4. Google Keep

4-5මේ ගැන නං බොහෝ දෙනා දන්නව ඇති. ඒ වුනත් මෙහි භාවිතාව ගැන නොදන්නා බොහෝ දෙනෙකුත් ඉන්න බව අපට වැටහී තිබෙනවා. Google Keep යනු සරළවම To Do List එකක් වගේ වැඩක්. රිමයින්ඩර්ස් තියන්න පුළුවන් වීම සහ නෝට් තබාගන්න පුළුවන් වීම කියන කාරණා දෙකම සපුරණ නිසා මෙය වැදගත් යෙදුමක් ලෙස දැක්විය හැකියි. ඒ වගේම නෝට් එකක් සේයා රෑ එක්කරමින් සහ චෙක් බොක්සස් එක්ක තියාගන්නත් පුළුවන් වීම නිසා දවසේ එදිනෙදා කටයුතු ප්ලෑන් කරගන්න Google Keep අනිවා වැදගත් වනු ඇති.

 

5. Google Scholar

5-4

අධ්යනයේ යෙදෙන්නන් බොහෝවිට තම වැඩිදුර අධ්යාපන කටයුතු වෙනුවෙන් නොයෙකුත් ග්රන්ථ සෙවීමේ සහ පසුගිය වසරවල සටහන් සහ ප්රශ්න පත්ර සේවීමේ පෙළඹවීමක් සිදුවෙයි. එයට ප්රධාන විසඳුමක් ගූගල් හඳුන්වා දෙන Google Scholar විසින් ලබාදෙයි. එය නොමිලයේ ඔබට අවශ්ය දත්ත සපයන සෙවුම් යන්ත්රයකි. එය විශාල පරාසයක දත්ත ප්රභවයන් (ශ්රාස්ත්ර ග්රන්ථ ප්රකාශකයින් සහ විශ්වවිද්යාල වැනි) අතුරින් ඔබට අවශ්ය උපාධි ප්රබන්ධ ඇතුළු දත්ත සපයනු ඇත.vote-us

About Niranji

Cool girl who likes to explore the amazing world and share the knowledge with friends. All the interesting content i find on the net will be published on this site and if you have any query do contact us on esihinayasl@gmail.com.

Leave a Reply

Real Time Web Analytics