Wednesday , 20 September 2017
Home » Fun Stuff » තොප්පි වැටුණු කුකුළු පැටවුන්ගේ කතාව

තොප්පි වැටුණු කුකුළු පැටවුන්ගේ කතාව

අලුත උපන් කුකුළු පැටවුන් කොහොමටත් සුරතල්ය. දුටු පමණින් කාගේත් ආදරය දිනා ගැනීමට සමත් මොවුන්ගේ පෙනුම තව තවත් සුරතල් කොට ඔවුන් ඡායාරූපගත කිරීමේ ව්‍යාපෘතියකට අතගසන ලද්දේ  ඇමෙරිකානු ඡායාරූප ශිල්පිනියක වන ජුලී පියර්සන් හා ඇගේ chiken 2නව හැවිරිදි දියණියයි. දිනත් දින නවයත් අතර වයසක පසුවන සුරතල් කුකුළු පැටවුන්ගේ පෙනුම තව තවත් සිත් ගන්නා සුළු වී ඇත්තේ මෙම අපූරු මව හා දියණිය ඔවුන් විසින්ම විශේෂයෙන් නිර්මාණය කරනු ලදුව පැටවුන්ට පළඳවන ලද හිස් වැසුම් හා විසිතුරු හිස් පළඳනා නිසාය.

මෙයින් හි නොරිජ්වොක් ප්‍රදේශයේ වෙසෙන පාර්සන් හා ඇගේ දියණිය මේ වන විට මෙම  සුරතල් කටයුත්තට අත ගසා වසර කීපයක් ගත වන අතර, “Chicks in hats” යන නමින් අරඹා ඇති ඔවුන්ගේ වබේ අඩවියෙන් හිස් පළඳනාද ඇතුළුව කුකුල් පැටවුන් උදෙසාම නිර්මාණය කරන ලද විවිධ අංග පාරිභෝගිකයන්ට මිලදී ගැනීමට හැක. කුකුළු පැටවුන් වැනි සුකොමල සත්ව chiken 3
විශේෂයක් සමග මෙලෙස කටයුතු කිරීමේදී ඇය විසින් අනුගමනය කරන ක්‍රමෝපායන් විස්තර කරමින් පාර්සන් කියා සිටින්නේ සෑම ඡායාරූපගත කිරීමකට පෙරම පැටවුන්ට ආහාර ලබාදීමටත්, හැමවිටම මිනිත්තු කීපයකට වඩා නොවැඩි කාලයක් පමණක් පැටවෙකු මෙලෙස ඡායාරූපගත කිරීම් සඳහා යොදා ගැනීමටත් ඇය වගබලා ගන්නා බවයි.  සිය කුකුළු පැටවුන්ගෙන් ඒ සඳහා ලැබෙන සහයෝගය ද අගය කළ යුත්තක් බව පාර්සන්ගේ අදහසයි.
chikenවිවිධ කෙඳි වර්ග, නූල් හා අත්කම් සඳහා යොදා ගන්නා සෙසු මෙවලම් යොදාගනිමින් විනාඩි කීපයක් වැනි කෙටි කාලයක් තුළදී නිර්මාණය කරගන්නා මෙබඳු අපූරු හිස් වැසුම් අතර වූල් තොප්පි, මනාලියන්ගේ හිස් පළඳනා පමණක් නොව පාප්තුමන්ගේ ශීර්ෂාවර්ණයේ අනුරුවක් ද ඇතුළත්ය.

lakbima

vote-us

About Niranji

Cool girl who likes to explore the amazing world and share the knowledge with friends. All the interesting content i find on the net will be published on this site and if you have any query do contact us on esihinayasl@gmail.com.

Leave a Reply

Real Time Web Analytics