Monday , 20 November 2017
Home » Fashion » Casual Dresses මිලදී ගන්නට tips කීපයක්

Casual Dresses මිලදී ගන්නට tips කීපයක්

header imageඅපි හැමෝම දන්නවා, විලාසිතා ලෝකෙට, කාලෙන් කාලෙට එක එක fashion designs එකතු වෙනවා. සමහර කාලවලට ගෑණු ළමයින්ගේ ජනප්‍රියම ඇඳුම වන්නේ කලිසම් – ජීන්ස්. තවත් කාලෙකට “ස්කර්ට්ස්”. කොයි කොයි විදිහේ විලාසිතා ආවත්, casual ගවුමකින් ලංකාවේ ගෑණු ළමයෙකුට ලැබෙන්නේ අමුතුම චාම් පෙනුමක්. පෙනුම විතරක් නෙමේ මෙවැනි ගවුමක්, ඔයාලට පහසුවකුත් ගෙන දෙනවා. ඉතින් අද අපි කියන්න යන්නේ casual ගවුමක් මිලදී ගන්න යද්දී සැලකිලිමත් වෙන්න ඕනි කරුණු කීපයක් ගැනයි.

මොනවද මේ සැළකිලිමත් විය යුතු කරුණු?

01. ඔයාට කැපී පෙනෙන පෙනුමක් එන්න sheath casual dress එකක් මිලදී ගන්න.
ගොඩක් කොට ගවුමක් ගන්නවාට වඩා, දණහිස තෙක් හෝ පහල කලව දක්වා තිබෙන sheath ගවුමක් ගැනීම මගින්, ඔයාට ඒ ගවුම ගොඩක් අවස්ථා වලට අඳින්න පුළුවන්. ඔෆිස් එකට වුනත්, ඩිනර් අවුට් එකකට වුනත්, formal බිස්නස් මීටින් එකකට වුනත් (Formal බිස්නස් මීටින් එකකට නම් බ්ලෙසර් එකක්, බෙල්ට් එකක් හා අඩි උස සපත්තු 2ක් සමඟ) ඔයාට මේ වර්ගයේ ගවුමක් මිලදී ගත්තොත් අදින්න පුළුවන්.

Elegant-Casual-Women-Dress-Patchwork-Belt-Tartan-Tunic-Dress-Work-Bodycon-Business-Pencil-Plaid-Sheath-Women

02. ඔයාගේ ලස්සන කැපිල පෙන්නන්නට knit casual ගවුමක් මිලදී ගන්න try කරන්න.
Wrap ස්ටයිල් එකට තියෙන හෝ A-ලයින් විදියට තියෙන ගවුමකින් ඕනෑම කෙනෙක්ගේ ඇඟේ හැඩය shape කරලා පෙන්නනවා කියල ඔයාලා දන්නවද? විශේෂයෙන්ම A-ලයින් knit casual ගවුමක් ඔයා ඇන්දොත්, ඔයාගේ ඉන, පුළුල් උකුල වඩා ඉස්මතු කරල පෙන්නනවා.

pastel-stripes-knit-dress

03. දිගු casual ගවුමත් ඔයාට ගොඩක් පහසුවක් ගෙන දෙනවා.
ලංකාවේ ගෑණු ළමයි විදියට, දිගු casual ගවුමක් අදිනවා කියන්නේ අමුතු විලාසිතාවක් නෙමේ. හැබැයි ඉතින් මේ වගේ දිගු ගවුමක් ගැළපෙන්නේ මධ්‍යම ප්‍රමාණයේ උසැති හෝ උස තරුණියකට තමයි. මිටි තරුණියක්, මෙවැනි දිගු ගවුමක් ඇන්දොත්, ඇයව තවත් කුඩා වෙලා තමයි පෙනෙන්නේ. නමුත් ඔබ උස් තරුණියක් නම්, ඔයා දිග casual ගවුමක් ඇන්දොත්, ඔයාගේ shape එක තවත් හොදින් ඉස්මතු වෙලා පෙන්වන්න පුළුවන්.

48121c6a061f4549c033d6ee8894c411

ඉතින් casual ගවුමක් මිලදී ගන්න යද්දී, හිතුමනාපෙට විලාසිතා තෝරා ගන්නේ නැතිව, මේ පොඩි කරුණු කීපය ගැනත් හිතලා තෝරා ගැනීම කරන්න අමතක කරන්න එපා.

vote-us

About Niranji

Cool girl who likes to explore the amazing world and share the knowledge with friends. All the interesting content i find on the net will be published on this site and if you have any query do contact us on esihinayasl@gmail.com.

Leave a Reply

Real Time Web Analytics