Home » Clinic » මදුරු කොයිල් මදුරුවන්ටත් වඩා භයානක බව ඔබ දන්නවා ද?

මදුරු කොයිල් මදුරුවන්ටත් වඩා භයානක බව ඔබ දන්නවා ද?

මිනිසාගේ ක්‍රියාකාරකම් නිසාම එන්න එන්නම මදුරුවන්ගේ ගහනය වැඩි වී ඇත.ඒ නිසාම මදුරුවන් මගින් බෝ වන රෝග වලට ඔබට ගොදුරු වීමට සිදු වෙයි.එමගින් මිනිස් ජීවිත කොතරම් අහිමි වෙලා ඇතිද? මෙසේ වැඩි වන මදුරුවන්ගේ ගහනය පාලනය කිරීම සදහා මදුරු විකර්ෂක කොයිල් වර්ග හා ක්‍රීම් වර්ග වෙළදපලේ මිලදී ගැනීමට ඇත.මෙවැනි දේවල් නිසා ඔබට ඇති විය හැකි අවාසනාවන්ත තත්වය ගැන ඔබ ටිකකට සිතා බලා තියනවා ද? මදුරු කොයිල් නිසා ඔබගේ ජීවිතයට ඇති වන බලපෑම කොතරම් ද කියල මෙම ලිපිය කියවීමෙන් පසු ඔබට වැටහෙනු නොඅනුමානයි.

mediumලෝකයේ එක වර්ෂයකදී ඇමරිකන් ඩොලර් බිලියන දෙකකට වඩා වැඩි මුදලක් මදුරු කොයිල් සදහා පමණක් ජනතාව පරිහරණය කරයි.මදුරුවන් බෝ වන ස්ථාන විනාශ කරනවා වෙනුවට ඔබ මදුරු කොයිල් වල පිහිට පතන කෙනෙක්ද? එසේනම් ඔබගේ ජීවිතයට රෝග රැසක් ඇති වීමේ විශාල අවදානමක් ඇති බව මතක තබා ගන්න.

මදුරු කොයිල් සහ අනෙකුත් විකර්ෂක තුල අන්තර්ගතය.
Permethrine”Allethrine සහ D-trans allethrine ඇති බව ලේබලයේ සදහන් වන අතර ඊට අමතරව ලී කුඩු,ගොම කුඩු සහ විවිධ වර්ණක අන්තර්ගත වෙයි.මෙම රසායනික සංයෝග ක්ෂිරපායි සතුන්ට අහිතකර බව සොයා ගෙන ඇත.

ඇති වන බලපෑම…………
ස්නායු අධි උත්තේජයකට පත් කරන අතර Allethrine මගින් මොලයේ අභ්‍යන්තර රුධිර වහනය වලක්වන බාධකය සිහින් කරයි.

හුස්ම ගැනීමේ අපහසුතාවය,හිසරදය,ඇදුම,වමනය ,ඔක්කාරය වැනි සංකුලතා ඇති විය හැක.

දොර ජනෙල් වසා මදුරු කොයිල් එකක් දල්වාගෙන සිටින කෙනෙකුගේ ශරීරයට දුම් වැටි 130ක් දහනය වීමෙන් පිට කෙරෙන විෂ ඇතුල් වෙයි.

මෙය අවධාරණය කරන ලද්දේ සන්දීප් සැලිට් නමැති මැලේසියානු ලය රෝග පිළිබද පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂක විසිනි.

Allethrine මගින් ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වල කිරීමක් සිදු කරනු ලබයි.එම නිසා රෝග වැළදීමේ විශාල අවදානමක් ඇත.

මදුරු කොයිල් සහ කෘමි විකර්ෂක වල ඇති රසායනික ද්‍රව්‍ය වලට නිතර ලක් වන ගර්භනී මව් වරුන් බිහි කරන පිරිමි දරුවන්ගේ ශිශ්නයේ පෙර සම විවෘත නොවීමේ ආබාධය ඇති විය හැකි බව පර්යේෂණයකින් හෙළි වී ඇත.

සමහර මදුරු කොයෝල් වල අඩංගු වනD-trans allethrine නමැති රසායනික සංයෝගය මිනිස් හෝමෝන පද්ධතියට අහිතකර ලෙස බලපාන බවත් ඒ මගින් මද සරුභාවය ඇති විය හැකි බවත් පිලිකා තත්ත්ව ඇති වීමේ අවධානමක්ද ඇති බව සොයා ගෙන ඇත.

මදුරු කොයිල් සහ කෘමි විකර්ෂක භාවිතයේදී ගත හැකි ආරක්ෂක මාර්ග,
හැකි සෑම විටම ස්වභාවික මදුරු විකර්ෂක භාවිත කරන්න.(පැගිරි තෙල්,කුරුදු,කරාබු නැටි තෙල්)

මදුරු කොයිල් දැල්වීම කල යුතුම නම් නිදා ගැනීමට පෙර මදුරු කොයිල් දල්වා ටික වෙලාවක් යන තුරු හදින් දොර ජනෙල් විවෘත කර තබන්න.එවිට මදුරුවන් පලා යනු ඇත.පසුව මදුරු කොයිල් එක නිවා දමා දොර ජනෙල් වසා නිදා ගැනිම ඔMosquito_Coilබට කල හැකිය.

ගර්භනී මව්වරුන් සහ කුඩා දරුවන් මදුරු කොයිල් දුමාරයට නිරාවරණය වීමට ඉඩ නොතබන්න.

මදුරු විකර්ෂක ක්‍රීම් වර්ග,ලෝෂන් වර්ග ශරීරයේ ගල්වනවා නම් ෘෑෑඔ නමැති කෘතිම රසායනිකය අන්තර්ගත නොවන වර්ගයක් මිලදී ගැනීමට වග බලා ගන්න.විශේෂයෙන් කුඩා ළමයින්ට අහිතකරය.

මදුරුවන් වැනි කෘමි සතුන් ඉක්මනින මෙවැනි රසායනික ද්‍රව්‍යන්ට අනුවර්තනය වන නිසා ටික කලක් යන විට මදුරුවන් පලවා හැරීමට නොහැකි තත්වයක් ඔබටත් ඇති වී තිඛෙනු නොඅනුමානයි.එම නිසා ඒවාට යොදන රසායනික සංයෝග මාත්‍රාව වැඩි කර අහිතකර ලෙස විෂ අධික රසායනික ද්‍රව්‍ය නැවත නිෂ්පාදනයේදී එක් කිරීම  සිදු කරයි.එමගින් ඔබගේ ජීවිතයට ඇති වන බලපෑම ඉතා විශාලය.එමනිසා ඔබ මදුරු කොයිල් කෘමි විකර්ෂක භාවිතයට පෙර මදක් සිතා බලන්න.

About Niranji

Cool girl who likes to explore the amazing world and share the knowledge with friends. All the interesting content i find on the net will be published on this site and if you have any query do contact us on esihinayasl@gmail.com.

Check Also

සැහැල්ලුවෙන් කාර්යබහුල දිවියක්‌ ගත කරන ආකාරය

සැහැල්ලුවෙන් කාර්යබහුල දිවියක්‌ ගත කරන ආකාරය. තාක්‌ෂණික නව්‍යතා තුළින් දියුණුවෙන් දියුණුවට පත් වන සමාජයක කාර්ය …

Leave a Reply

Real Time Web Analytics