Monday , 20 November 2017
Home » Clinic » රාත්‍රී නින්දට පෙර අනුභව නොකළයුතු ආහාරයන්….

රාත්‍රී නින්දට පෙර අනුභව නොකළයුතු ආහාරයන්….

The-5-Worst-Things-to-Eat-Before-Bed-Nutrition-Factsරාත්‍රී භෝජනය පහසුවෙන් දිරවිය හැකි එකක් වියයුතුයි. අනවශ්‍ය ලෙස අහාර වලින් බඩ පුරවාගෙන රාත්‍රී නින්දට යෑම කිසිලෙසකින් වත් සිදුනොකලයුතු දෙයක්. දහවල් කාලය පුරාවට ශාරීරික කෘත්‍යයන් ඉටු කිරීමෙන් වෙහෙසට පත්ව ඇති ශරීරයට රාත්‍රියේදී යම් විවේකයක් අවශ්‍ය කරනවා. ආහාර ජීරණ ක්‍රියාවලිය එයට හොදම උදාහරනයක්. තෙල් සහිත ආහාර අනුභව කොට රාත්‍රී නින්දට යැමේදී ආමාශයේ දැවිල්ල කියන සෞඛ්‍ය තත්වය ඇතිවෙන්නට පුළුවන්. රාත්‍රියේදී ඔබ ලබාගත යුත්තේ පහසුවෙන් දිරවිය හැකි සැහැල්ලු ආහාරයක්. ඒවගේම එම ආහාරය රාත්‍රී නින්දට පැය 3කට පමණ පෙර ලබාගැනීමටද මතක තබා ගන්න. 

ශරීර  සෞඛ්‍යය යහපත්ව පවත්වාගෙන යෑමට අවශ්‍ය නම් රාත්‍රී නින්දට යෑමට පෙර මෙම ආහාර වර්ග 4 අනුභව කිරීමෙන් වලකින්න.

රතු මස් සහ අනෙකුත් ප්‍රෝටීන්
රතුමස් වර්ග අනුභව කිරීමෙන් උදරය අපහසුතාවයට පත්වෙනවා. ඒවගේම අහිතකර බලපෑමක් ඇතිකිරීමටද එවැනි ආහාර සමත් වෙනවා. එම නිසා හරක්මස් , ඌරු මස් සහ කුකුල් මස් වැඩිපුර අනුභව කිරීමෙන් වැළකිය යුතුයි.

තෙල් සහිත ආහාර
තෙල් සහිත ආහාර වර්ග දිරවීමට අපහසුයි. එම නිසා උදෑසන ඔක්කාරය වැනි තත්වයක් ඇතිවෙන්නට පුළුවන්.

සැර ආහාර
photos.demandstudios.com_getty_article_171_164_78653205_XSකුළුබඩු වර්ග හොඳ ස්වභාවික ප්‍රතිකාරයක් බවනම් සත්‍යයක් . නමුත් රාත්‍රී ආහාරය සඳහා වැඩිපුර කුළුබඩු වර්ග භාවිතා කිරීම අනුමත කරන්නට බැහැ.  සැර ආහාර වලට සංවේදනයන් උත්තේජනය කිරීමේ හැකියාව තිඛෙනවා, එහි බලපෑම හේතුවෙන් නිදා ගැනීමේ අපහසුතාවයන් ඇතිවෙන්නට පුළුවන්.

කාබෝහයිඩ්රේට් බහුල ආහාර
නිදාගැනීමට පෙර පැණිරස ආහාර වර්ගයන් අනුභව කරනවානම් ඒ වෙනුවට ඇපල් ගෙඩියක් වැනි යමක් අනුභව කරන්න පුරුදුවෙන්න. චොකලට් කේක් කෑල්ලක් වැනි පැණිරස දෙයක් අනුභව කිරීමෙන් නින්ද ආශ්‍රිත දෝෂයන් සහ නින්ද වළක්වාලන තත්වයක් ඇතිවිය හැකියි.

නොදුටු ලෝකය

vote-us

About Niranji

Cool girl who likes to explore the amazing world and share the knowledge with friends. All the interesting content i find on the net will be published on this site and if you have any query do contact us on esihinayasl@gmail.com.

Leave a Reply

Real Time Web Analytics