Thursday , 19 October 2017
Home » Clinic » නොදන්නවා වුණත් අත් දුටු බෙහෙතක්.

නොදන්නවා වුණත් අත් දුටු බෙහෙතක්.

ලිංගික ආශාව මානව සංහතියේ ප්‍රගමනය තීරණාත්මක කරන ප්‍රමුඛතම සාධකය බැව් නොකිව මනාය. එය පවුල් සංස්ථාව ගොඩනඟනවාmedicine 3 සේම ජීවිතය නිරන්තරයෙන් නැවුම්ව තබයි. ලිංගික සබඳතාවකට රෝග නිවාරණය කිරීමේ හැකියාවක් ඇති බව කිවහොත් එය එකහෙළාම පිළිගැනීමට බොහෝ දෙනකු මැලිවීම ස්වභාවිකය. එහෙත් එය සත්‍යයකි. ඉකුත් සතියේ ජර්මනියේ මින්ස්ටර් සරසවිය විසින් සිදුකරන ලද සමීක්ෂණයකින් මේ බව අනාවරණය වී ඇත. ඉරුවාරදය රෝගයෙන් හිසේ ඇම්මෙන් පීඩා විඳින්නන් එසේ පීඩාවට පත්ව සිටින අතරතුර ලිංගික සබඳතාවක් පවත්වන්නේනම් වේදනාව හරි අඩක් පමණ අඩුවන බවත්, එයින් 20% ක පමණ පිරිසකගේ වේදනාව මුළුමනින්ම තුරන්වන බවත් එකී සමීක්ෂණයෙන් හෙළිවී තිබේ.

මිනිස් සිරුරේ ක්‍රියාකාරිත්වය විටෙක අසිරිමත්ය. ශරීරයේ අභ්‍යන්තරික ක්‍රියාවලිය මනාව පවත්වාගෙන යන ස්වයං සාධක ස්නායු පද්ධතියට අදාළව එන්ඩොර්පින්ස් නමැති හෝමෝනය මොළයෙන් රසායනයක් ලෙස නිපදවෙයි. එය ඉතාමත් හදිසි බියවීම්,කම්පනයන් වැනි අවස්ථාවන්හිදී නිපදවෙනවාසේම කෙනකු සතුටින් සිටින අවස්ථාවන්වලදීද නිපදවෙන බව වෛද්‍ය විද්‍යාත්මක මතයයි. ඒ අනුව කෙනකු ලිංගික සංසර්ගයේ යෙදෙන විට එන්ඩොර්පින්ස් නමැති හෝමෝනය මොළයෙන් ස්වයං සිද්ධව නිපදවන බවත්, එය වේදනා නාශකයක් ලෙස ක්‍රියා කරන බවත් නවතම සමීක්ෂයෙන් තහවුරු වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා උපුටා දක්වයි. වෛද්‍යවරුන් පෙන්වාදෙන අන්දමට සැබවින්ම එය සියයට සියයක ස්වභාවික වේදනා නාශකයක් ලෙස හැඳින්වීම වඩා නිවරදිය.

Couple lying in bed togetherඉරුවාරදයෙන් පීඩා විඳින අතර ලිංගික ක්‍රියාකාරකම්වල යෙදීමේදී වේදනාවට සහනයක් අත්පත් කර ගැනීමට හෝ වේදනාව සහමුලින් තුරන්කර දැමීමට හැකි බව මෙමගින් ඔප්පුවෙනවා. සමහර රෝගීන්ගේ හිසේ රුදාවට ප්‍රතිකර්මයක් ලෙස ලිංගික ක්‍රියා යොදාගන්නට පුළුවන්” සමීක්ෂකයින් උපුටා දක්වයි.

දෙවසරකට අධික කාලයක් තිස්සේ ඉරුවාරදයෙන් හෝ දැඩි හිසේ රුදාවෙන් පීඩා විඳින රෝගීන් හාර සියයකගෙන් ලබාගත් තොරතුරු ඔස්සේ මෙම සමීක්ෂණ වාර්තාව ‍ගොඩනැඟුණු බව සඳහන්ය.
සමීක්ෂණයට ලක්වුණු රෝගීන් 400 ක් දෙනා අතුරින් 33% ක් හිසේ රුදාව අතරතුර ලිංගික ක්‍රියාකාරම්වලට යොමුවී ඇති බවත්, 60% ක් ඉරුවාදයෙන් පීඩා විඳිමින් සිටින අය බවත් එයින් 36% ක ප්‍රතිශතයක් සම්පූර්ණයෙන්ම රෝග ලක්ෂණ හා වේදනාව තුරන්කරගෙන ඇති බවත් මෙම සමීක්ෂණ වාර්තාවේ දැක්වෙයි.

සමහර පිරිමින් 36% ක් ස්ත්‍රීන් 16% ක් හිසේ රුදාව රෝග ලක්ෂණයක් ලෙස තිබියදී ලිංගික ක්‍රියාකාරකම්වල නිරතවී ඇත්තේ මෙම අධ්‍යයනය සඳහාමය. ඔවුන්ගෙන් 19% ක ප්‍රතිශතයක් සම්පූර්ණයෙන්ම රෝගී තත්ත්වය තුරන්කර ගෙන ඇති අතර 51% ක ප්‍රතිශතයක් තම වේදනාව යටපත් කර ගැනීමට සමත්වී ඇත.medicine 2

කෙසේ වෙතත් අවසාන වශයෙන් සමීක්ෂකයින් තහවුරු කරන අන්දමට ඉරුවාරදයෙන් පෙළුණු සියලුම රෝගීන්ගෙන් 42.7 ක ප්‍රතිශතයකින් යුතු පිරිසක් අවම වශයෙන් 50% ක සහනදායි තත්ත්වයක් උදාකරගෙන ඇති බවත්,මෙම සමීක්ෂණ වාර්තාව තියුණු ප්‍රතිකාර සඳහා සුබවාදී ප්‍රතිචාරයක් බවත් කිවහැකිය.
කෙසේ වෙතත් මෙම නවතම සමීක්ෂණ වාර්තාව “ජාත්‍යන්තර හිසේරුදාව පිළිබඳ කමිටුව” මගින් වෛද්‍ය විද්‍යාත්මකව ලෝකයේ අවධානය දිනාගත් Cephalalgia ජර්නලයේ පළකර තිබේ.
ආදරයට ලිංගිකත්වයට ජීවිතයට තවත් බොහෝ දේ එකතු කළ හැකි බව නම් මෙයින් ප්‍රත්‍යක්ෂ වන බව අමුතුවෙන් කිව යුතු නොවේ.

dutunudutu

About Niranji

Cool girl who likes to explore the amazing world and share the knowledge with friends. All the interesting content i find on the net will be published on this site and if you have any query do contact us on esihinayasl@gmail.com.

Check Also

Best time to get pregnant

බබෙක් හදන්න හොදම කාලය. මොඩෙනා විශ්වවිද්‍යාලයේ සමික්ෂකයින් පිරිසක් විසින් බබෙක් හදන්න හොද වෙලාවක් හොයා ගත්තා. …

Leave a Reply

Real Time Web Analytics