Home » Beauty » ලස්සන රූපයක් තබා ගන්නට කෝමාරිකා උදව් වන්නේ කොහොමද?

ලස්සන රූපයක් තබා ගන්නට කෝමාරිකා උදව් වන්නේ කොහොමද?

header imageලංකාවේ අපිට නම් කෝමාරිකා කියන්නේ අමුතු දෙයක් නේද? ගොඩක් අය මේ ඔසුව අදුනනවා. මේ කෝමාරිකා ඖෂධිය වශයෙන් ගොඩක් වටිනා පැළයක් විදියට තමයි හදුන්වන්නේ. ඒ විතරක් නෙමේ, ලස්සන රූ සපුවක් තබා ගන්නටත් මේක ගොඩක් උදව් වෙනවා. ඉතින් අපි බලමු, ලස්සන රූ සපුවක් පවත්වා ගෙන යන්නට කොහොමද කෝමාරිකා උදව් වෙන්නේ කියල.

01. හිරුඑළියෙන් පිළිස්සුන සමට හොද ප්‍රතිකාරයක්.
කෝමාරිකා යුෂ සම මත ආලේප කිරීමෙන්, හිරුකිරණෙන් ආරක්ෂා වන්නට සමට අවශ්‍ය වැස්මක් ලැබේ. ඒ වගේම සමේ තෙතමනයත් රදා පවත්වයි.
Aloe-Vera-Juice
02. සමේ තෙතමනය පවත්වාගෙන යන්නට උපකාරී වේ.
සම වියලි බවින් මුදා, සමට අවශ්‍ය තෙතමනය පවත්වාගෙන යන්නට මේ කෝමාරිකා යුෂ උදව් වේ.

03. සමේ ඇතිවන ආසාධන වලට හොද ප්‍රතිකාරයක් වේ.
කෝමාරිකා යුෂ වල තිබෙන සුව කිරීමේ හා සිසිලස ගෙන දීමේ හැකියාවන් නිසා, සමේ ඇතිවන “දැවිල්ල”, “බිබිලි” හා “කැසිල්ල” වැනි දෑ අවම කර ගැනීමට කෝමාරිකා උපකාරී වේ.

04. සම වයසට යාම අවම කරයි.
කෝමාරිකා වල තිබෙන ඇන්ටි-ඔක්සිඩන්ට්, බෙටා කැරොටින්, විටමින් C හා E නිසා, සමේ ඇති ස්වභාවික firmness එක වර්ධනය කර, සමේ තෙතමනය රැක දේ. එමගින්, සමේ අනවශ්‍ය රැලි වැටීම වලක්වයි. සම ඇදීම අවම කරයි. image001

05. ස්ට්‍රෙච් මාර්ක්ස් අවම කරයි.
ගර්භනී බව නිසා හෝ ක්ෂණික මහත් වීමක් හෝ කෙට්ටු වීමක් නිසා, සමේ ස්ට්‍රෙච් මාර්ක්ස් ඇති වෙලා තියෙනවනම්, කෝමාරිකා යුෂ ආලේප කිරීමෙන් ඒ මාර්ක්ස් අවම කර ගන්න පුළුවන්.
aloe-vera-gel-on-wooden-spoon
06. හිස්හොරි අවම කරයි.

07. හිසකෙස් වර්ධනයට උපකාරී වේ.
හිස්කබලේ ph අගය හොද තත්වයෙන් පවත්වා ගන්නට උපකාරී වේ. කෙස් වලට අවශ්‍ය තෙතමනය පවත්වා ගැනීමට උදව් වේ. හිසකෙස් වර්ධනය කරයි.

vote-us

About Niranji

Cool girl who likes to explore the amazing world and share the knowledge with friends. All the interesting content i find on the net will be published on this site and if you have any query do contact us on esihinayasl@gmail.com.

Check Also

සුවදායි නින්දක් නොමැති නම් ඇස් යට කළු වෙන්න පුළුවන්

ඇස් යට කළු වීම සම්බන්ධයෙන් අපි දීර්ඝ වශයෙන් කරුණු සාකච්ඡා කළා ඔබට මතක ඇති. ඔබත් …

Leave a Reply

Real Time Web Analytics